BREAKING NEWS
Search

විභාගය ගැන උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

337

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එළඹෙන 25 වැනිදා ආරම්භ වීටම නියමිත උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩු පීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බවයි පුරෝකථනය කර ඇත්තේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත්ගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සියලු අංශ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණා.

ඒ අනුව, මෙම සැළසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර උසස් පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත් වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාල අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.

යම් සිසුවෙකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020/ 0113 668100/ 0113668013/ 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත දැනුම් දීමට හැකියි.

එසේ නැතිනම්, විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකි අතර, හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *