මෙම ස්ථානයේ තිබෙන බව යැයි කියන නිධානයක් මෙතෙක් කල් බොහෝ පිරිස් විසින් හොර රහසේ නිධන් ගොඩගැනීම කටයුතු කර ඇති බව වාර්තාවනවා.
එය ගොඩනැගීමට තැත් කළ බොහෝ සැකකරුවන් එය ගැනීමට නොහැකී වු අතර වේයන්ගොඩ පොලිසිය මැදිහත් වී එම සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම නිධානය ගැනීමට බොහෝ අවස්ථාවල උත්සහා කළ සැකකරුවන් වාර්තා වීම හේතුවෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි එම ස්ථානයේ නිධානයක් තිබේ දැයි සොයා බලන ලෙසට පොලිස් විශේෂ කාර්‍යය බලකායට උපදෙස් දී තිබෙනවා.
එම පරීක්ෂා කිරීම් වලට අදාළව ස්කෑන් පරීක්ෂණ වල ප්‍රතිඵල මත එහි යම් කිසි දෙයක් සඟවා ඇති බවටයි නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව අධිකරණය විසින් මහජනතාව ඉදිරියේ ඊයේ (21) දින එම ස්ථානය හැරීමට වේයන්ගොඩ පොලිසියට නියෝගය ලබා දී තිබෙන අතර අද (22) දිනයේදීත් එම කෑණිම් කටයුතු සිදු කෙරෙනවා.
ඊයේ දින පැය තුනක වෙහෙසකර කැණිම් කටයුතුවලින් අනතුරුව පස්වරු දෙකයි, පනහට පමණ එම කටයුතු දිවා ආහාරය සදහා නතර කරනු ලැබූ අතර දිවා ආහාරයෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු මහ වැසි ඇදහැලීම හේතුවෙන් පස්වරු හතරට පමණ කැනීම් කටයුතු අතරමග නවතා දැමීමට සිදු විය.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් හැටකට ආසන්න පිරිසක්ද ප්‍රදේශවාසී ජනතාව ද රැස්ව සිටිනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකනය කරන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය දෑවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන හෑරීම සිදු කරයි.
එම යන්ත්‍රය වරින් වර පෙන්වා දුන් අන්දමට අදාළ ස්ථානය කැණීම් කරද්දී අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති කොටසේ පැති බැම්ම ද කපා පස් ඉවත් කිරීමට සිදු විය.
අධිවේගී මාර්ගයේ පස් කන්දේ පැත්තක් කපා දැමීමට සිදුවීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවෙන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබිණි .
මෙම ස්ථානයේ නිදන් වස්තු සඳහා කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවන අතර අවස්ථා කිහිපයකදී මේ ආකාරයෙන් කැනීම් සිදුකළ පිරිස් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම හේතුකරගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබිණි.

















