BREAKING NEWS
Search

විදුහල්පති සහ දෙමව්පියන් ගැටේ – ජනප්‍රිය පාසලක පැටිකිරිය එලියට

798

ජනප්‍රිය ජාත්‍යන්තර පාසලක් වන මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලය තුල සිදු වන අසාධාරණකම් හේතුවෙන් දෙමව්පිය සංසදයක් පිහිටුවාගෙන ඒ හරහා පවතින ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා මාස 4ක් පමණ කාලයක් තිස්සේ විවිධ රැස්වීම් පවත්වමින් විසඳුම් සෙවීමට උත්සහ කලද පාසල් පරිපාලනය එයට නම්‍යශීලී පිළිතුරු ලබා දීමට අපොහොසත්‍ වී තිබෙනවා .

එමෙන්ම එම පාසලේ සුදුසුකම් සහිත ගුරුවරුන් ඉතාමත් අඩු ගණනක් සිටින අතර එයිනුත් ගුරු වෘත්තියට ගරු කරමින් ඉගැන්වීම් කරන්නේ ඉතාමත් සුලු පිරිසක් බව මව්පියන් චෝදනා කර තිබෙනවා .විශේෂයෙන් අඩු වැටුපට සුදුසුකම් නොමැති ගුරුවරුන් බඳවා ගැනීම නිසා දරුවන් ගේ ඉගැන්වීම් නිසි පරිදි සිදු නොවන බවත් ඔවුන් සඳහන් කළා.

මේ අතර පාසල තුල නිසි ඉගැන්වීමක් සිදු නොකරන බවත් දරුවන්ට පාසල තුළ සනීපාරක්ෂක පහසුකම්වල ගුණාත්මක බව ඉතිමත් අඩු බව ඔවුන් සඳහා කළා . එසේම මේ පිලිබඳ පාසල් කාර්යමණ්ඩලය දැනුවත් කලද ඒ සඳහා ඔවුන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්න බව මව්පියන් වැඩිදුරටත් කියා සිටියා.

විශාල කැපකිරීම් කරමින් දෙමව්පියන් ජාත්‍යන්තර පාසලකට දරුවන් ඇතුලත් කිරීමෙන් බලාපොරොත්තු වන කිසිවක් නිසියාකරයෙන් ලීඩ්ස් ජාලයේ දරුවන් ට නොලැබෙන් බවත් ජාත්‍යන්තර ලෙස පවතින්නෙ පාසලේ නම සහ මුදල් අය කරගැනීම පමණක්‍ වන බවත් මව්පියන් චෝදනා කර තිබෙනවා .විශේෂයෙන් ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපන ක්‍රමයක්, ජාත්‍යන්තර පාසල් නියාමනයක් අත්‍යාවශ්‍යය බවයි දෙමව්පියන් පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *