විවාහක යුවලක් හෝටලයක මධුසමය ගතකරමින් සිටියදී එම හෝටලයට කඩා වැදුණු මනාලියගේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී ඔහු සතු දේපල මෙන්ම මනාලියද රැගෙන ගිය පුවතක් වාර්තාවනවා.
පැමිණිල්ලේ සඳහන් වෙන්නේ මනාලියගේ ඥාතීන් පිරිස මනාලිය පැළඳ සිටි මුදුව සහ හෝටලයේ බිල ගෙවීමට තිබු මුදල් මෙන්ම ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇති බවයි.
විවාහ වනවිට තරුණයාගේ වයස 28 ක් සහ තරුණියගේ වයස 23 ක් වන අතර මෙය යෝජනාවකට අනුව සිදුවූ විවාහයක් බව සදහන්.
කෙසේ වෙතත් මංගල රාත්‍රිය දා මනාලයා සහ මනාලිය අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
ඒ පිලිබඳ මනාලිය විසින් අයගේ ඥාතියෙකුට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර පසුව රාත්‍රී පැමිණි ඇයගේ ඥාතීන් පිරිසක් පැමිණ මනාලයාට පහරදී ඔහු සතු ඉහත කී දේපල රැගෙන ගොස් තිබෙනවා.



















