BREAKING NEWS
Search

දුම්රියක පාපුවරුවේ ගමන් කර අවසන් ගමන් ගිය 20 හැවිරිදි තරුණයා ගැන ඇසෙන හද කම්පා කරවන කතාව

1583
මේ අනතුර ගැන ඊයේ ගොඩක් දෙනෙක් කතා වුණා.. දුම්රියක පාපුවරුවේ ගමන්කළ තරුණයෙකු දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සංඥා කණුවක ගැටී මියගොස් ඇතැයි ඊයේ උදෑසන අහන්නට ලැබුණා..
ඒ පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ඔහු ගමන් කරමින් සිටියදී.. ඔවුන් දෙදෙනාගේ විවාහයට තවත් හරියටම ඉතුරු වෙලා තිබුණේ සති දෙකකටත් වඩා අඩු කාලයක්.. පසිඳු පෙරේරා.. තවමත් වයස අවුරුදු 20ක් වෙන තාරුණයෙක්..

මේ කියන්න යන්නේ ඔවුන්ගේ ආදර කතාව ගැන ඇගේ පෙම්වතිය මුහුණු පොතට එක්කළ සංවේදී සටහනයි… ඒ දෙන්නා තවත් නොබෝ දිනකින් විවාහ වෙන්න නියමිතව තිබුණා.. ඔහු මේ අවසන් ගමන් යන්නේ ඒ මංගල ඇඳුම් සැරසිලයි..

ඉතින් දෛවය මේ තරම්ම කුරිරුද..? ඔවුන්ට එක් වෙන්න වත් අවස්තාවක් නොදෙන තරමටම.. ඒත් හැමදාම ඇය ඔහු වෙනුවෙන් ඒ ආදරය රැකගෙන හිඳිවි.. දරාගත නොහැකි ඒ සමුගැනීමත් එක්ක ඔහුගේ මතක තුරුල් කරගෙන සවී ඇගේ මුහුණුපොතට එක්කර දුක්බර සටහනයි මේ..

“මගුල් ඇදුමෙන් ම ලස්සනට හැඩ වෙලා ඔයා..මන් කොහොම දරා ගන්නද පන ඔයා නෑ කියලා. ඔයා වෙනුවෙන් මන් ඔයාගෙ මතක එක්ක ජිවත් වෙනව පන . මගෙ ලග ඉන්න මන් මැරෙනකන් හරිද පන. ඔයා වෙනුවෙන් මන් මගෙ ජිවිතෙම කැප කරන්නම් මගෙ සුඩු පැටියො .අපේ හීන ඔක්කොම අපි ඉලග ආත්මෙ ඉශ්ට කරගමු හරිද. බය වෙන්නෙපා ඔයාගෙ සුරන්ගනාවි ඔයා එක්කම ඉන්නවා… I love you my husband”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *