රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දරු ප්‍රසූතියක් සදහා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ ගැබිණියක් සහ කුස තුළ වූ දරුවා මියයෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…
මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි මෙම ගැබිනිය ස්වභාවික දරු උපතක් සදහා ඊයේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා…
එහිදී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුවීම හේතුවෙන් සිසේරියන් සැත්කමක් කර හෝ දරුවා පිටතට ගන්නා ලෙස ඉල්ලා සිටියද ඒ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය අවධානය යොමු නොකළ බවටයි ඥාතීන් චෝදනා කළේ… මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක තරුණියක්…
මෙම තත්ත්වයට විරෝධය පළ කර ඥාතීන් ඊයේ රෝහල් පරිශ්‍රයේදී කළහකාරී ලෙස හැසිර තිබෙනවා..

















