BREAKING NEWS
Search

අනියම් සැමියාට පොල්ල තියා පොලිසි ගිය හැට හතේ මනමාලි

1362

තනිව වාසයකරන හැට හත් හැවිරිදි සිව් දරු මවක් හතළිස් එක් හැවිරිදි එක් දරු පියෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වා ඔහුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ණයට ලබා ගෙන තිබියදී අනියම් සැමියා සුපුරුදු පරිදි මහ රෑ නිවසට පැමිණ ලබාගත් ණය මුදල නැවත ඉල්ලූවිට වහා පොලිසිය වෙත දිවගොස් තමා නිදාසිටින අවස්ථාවේ නන්නාඳුනන පුද්ගලයෙකු පැමිණ තමාට අතවර කොට රන් කරාඹු ජෝඩුවක් හා තවත් රන් ආභරණ රැගෙන පලා ගිය බවට සිදුකල බොරු පැමිණිල්ලක් පොලිසියෙන් වාර්තාවේ.

වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.

එකම ප්‍රදේශයක විසූ හැටහත් හැවිරිදි සිව්දරු මවක් හා හතලිස් එක් හැවිරිදි එක්දරු පියෙකි. ඔවුන් අනියම් ඇසුරක් ආරම්භ කරන්නේ කාටත් හොර රහසේය.

මෙම කාන්තාවගේ දරුවන් විවාහ වී නිවසෙන් පිට සිටින හෙයින් ඇය ජීවත් වන්නේ නිවසේ තනිවමය.

මෙම කාන්තාව අදාල පුරුෂයාගෙන් නිතරම පාහේ මුදල් ගනුදෙනු කර ඇති අතර ඔවුන් අනියම් ඇසුර පැවැත්වූ අවස්ථාවකදී ඇය ඔහුගෙන් ලක්ෂ එකහමාරක මුදලක් ලබාගෙන ඇත.

ඔහු ඇයගෙන් නැවත එම මුදල ඉල්ලූ අවස්ථාවේ දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර ඉන්පසු මෙම කාන්තාව පොලිසියට දිවගොස් මහ රෑ නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයෙකු නිවසට කඩාවැදී බලහත්කාරයෙන් අතවර කොට ගෙල බැඳ තිබූ රන් මාලයත් කණේ තිබූ රන් කරාබු ජෝඩුවත් ගලවා පැන ගිය බවට අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *