BREAKING NEWS
Search

ඉන්දියාවේ ප්‍රසිද්ධ යුවලක් යුග දිවියට සමුදෙයි…

542

AR රහ්මාන්ගේ (AR Rahman) බිරිඳ සයිරා බානු විවාහයෙන් වසර 29කට පසු ඔවුන්ගේ දික්කසාදය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා විවාහා වී තිබෙන්නේ 1995 වසරේදීයි.

AR රහමන් සහ සයිරා බානුට දරුවන් තිදෙනෙක් සිටින අතර ඔවුන් කතිජා, රහීමා සහ අමීන්.

සයිරාගේ නීතිඥ වන්දනා ෂා යුවල වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉන්දීය මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

ඔවුන්ගේ විවාහය ඔහුගේ මව විසින් තීරණය කරන ලද යෝජිත විවාහයක්.

වෙනත් පුවත්

වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් අද (19) පැවසීය.

සියලු දෙනාගේ අදහස් හා යෝජනා එකතු කරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය. සේවකයන්ට වෘත්තිය ගැටලු තිබේ නම් ඒවා පිළිබඳව ද වෘත්තිය සමිති සමඟ කඩිනමින් සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ජාතික ජන බලවේග රජය ගැන රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව කී අමාත්‍යවරයා කතා කිරීමට කිසිවකුට බාධාවක් නොමැති හෙයින් ඕනෑම අවස්ථාවක පැමිණ තම වැඩපිළිවෙළ ගැන කතා කිරීමට සැමට අයිතියක් තිබෙන බව සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *