BREAKING NEWS
Search

අපොස උසස් පෙළ ගැන නිවේදනයක්

339

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් එම කටයුතු සිදුකිරීම තහනම් බවයි.

මෙම කාලය තුළ උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීමට අමතරව විභාගය සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්,අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබාගැනීම ද තහනම් වෙයි.

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ යම් පාර්ශවයක් මෙම නියෝග කඩකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත පැමිණිලි කළ හැකි බව ද විභාග කොමාසරිස් දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එළඹෙන 22 වන සිකුරාදා රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබාදෙන අතර යළි පාසල් 2025 වසරේ ජනවාරි මස පළමු වනදා ආරම්භ කෙරෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *