රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
“මාගේ ජන්ම දිනයේදී වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද දින පෙරවරුවේ විජේරාම නිවසේදී පැවැත්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී.
එහිදී ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබා ගත්තෙමි. අනතුරුව සත්පත්තිනි මෑණියන් උදෙසා නිසි ඇවතුම් පැවතුම් වලට අනුව කිරි අම්මාවරුන්ගේ දානය පවත්වන්නට යෙදුණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු හිතවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.”







































