BREAKING NEWS
Search

ගාලු කොටුවේ පෙම්සුව විදිමින් සිටිද්දී එකපාරටම අතුරුදහන් වූ දේ

953
ගාල්ල කොටුවේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති පුවතක් ගාල්ලෙන් වාර්තා වෙනවා.
ගාල්ල කොටුවේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති පුවතක් ගාල්ලෙන් වාර්තා වෙනවා.

පෙම්වතා 20 හැවිරිදි වියේ පසුවන ගාල්ල මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය සමඟ ගාලු කොටුවට පැමිණ තිබෙනවා.

යතුරුපැදියේ හැඩලයද ලොග්කොට එහි නතර කොට පෙම්වතිය සමග ඇවිදීමට ගොස් ඇති අතර යළි පස්වරුවේ යතුරුපැදිය තිබු ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේ දි යතුරුපැදිය එහි තිබී නැහැ.

2020 වර්ෂයේ දී අලුතින්ම මිලදී ගෙන ඇති මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ 06ක් පමණ වන බව පෙම්වතා සදහන් කරනවා.

කෙසේ වෙතත් එම යතුරු පැදිය වෙනත් ස්ථානයක් තිබී හමුවී ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *