ඔහු ලබන සතියේ විදෙස්ගත වෙන්නට සියල්ල සූදානම් කරගෙන තිබුණා..
ඒත් හිතන්නේ නැති වෙලාවක මේ වගේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න වෙයි කියලා ඔහු වගේම ඔහුට ආදරය කරන කිසිවෙකුත් සිතන්නට නැතුව ඇති..
අශාන් ප්‍රබෝධ, වයස අවුරුදු 27ක් වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.. ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ තම උපන්දින සමරන්න සාදයක් සූදානම් කර තිබුණා.. කෑගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වුණ ඔහු උපන්දිනය සැමරීමට තෝරාගෙන තිබුණේද මෙම සුන්දර තෙලිඇල්ලයි..
මෙම ස්ථානයේ මත්පැන් පානය කරමින් ඔවුන් බොහෝ වේලා විනෝද වූ බවයි එහි සිටි ප්‍රදේශවාසින් පවසා තිබුණේ.. අනතුරුව පිරිස ඇල්ලේ ස්නානය කරමින් සිටින අතරතුර මෙම වයස අවුරුදු 27ක තරුණයා දියේ ගිලී තිබුණා..
අදාළ තරුණයාගේ දේහය ඇල්ලේ පාවෙමින් තිබියදී ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති අතර, ඔහු තවත් දින කිහිපයකින් විදෙස් ගතවීම සඳහා සූදානමින් සිටි බවට වාර්තා වෙනවා..





















