මොන හිතකින් ඒ දෙයක් කලාද ? පහ වසරේ සිසුවියන් දෙදෙනෙකුට අමුතු පාඩමක් ඉගැන්වූ නරුම ගුරුවරයා

412

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි ගුරුවරයෙකි.

සැකකාර ගුරුවරයා තම පාසලේ 5වන ශ්‍රේණියේ ඉගෙනුම ළමයින් සඳහා අමතර ගණිත පංතියක් පවත්වා ඇති අතර එහිදි විවේක කාලය තුල තමන්ට ලිංගික අතවර කල බවට 10 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකු දෙමව්පියන් දැනුවත් කර ඇත.

ඒ අනුව දෙමව්පියන් පැමිණ පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු සැකකාර ගුරුවරයා අත්අංගුවට ගෙන ඇති අතර දැරියන් දෙදෙනා දෙමව්පියන්ගේ බාරකාරත්වයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමටනියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *