BREAKING NEWS
Search

කසිප්පු වල පවර් එක පොලිස්සියට පෙන්නන ගිය කාන්තාවන් දෙදෙනාට වැඩ වරදී

154

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඊයේ  (17) අත්ඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කසිප්පු ජාවාරම් කළ පුද්ගලයා සහ ඊට අනුබල දුන් අලුත්වත්ත, රජවැල්ල ප්‍ර දේශයේ පදිංචි 30 සහ 55 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

තෙල්දෙණිය පොලිසියේ පොලිස් පරීක්ෂක අතපත්තු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දූෂණ මර්දන රාජකාරීයේ යෙදී සිටියදී දිගන , රජවැල්ල ප්‍ර දේශයේ 19 හැවිරිදි පුද්ගලයකු කසිප්පු මිලිලීටර් 70,000 ක් සමග අත්අඩංගුවට ගෙන නිලධාරීන් පැමිණි පොලිස් ත්‍රි රෝද රථයෙන් පොලිසිය කරා ගමන්කරන අවස්ථාවේදී අලුවත්ත ප්‍ර දේශයේදී පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රිය නවතා අත්අඩංගුවට ගත් සැකකරු මුදාහරින ලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.

පසුව සැකකරුවන් දෙදෙනා අසල තිබූ නිවෙසකට ගොස් මන්නා පිහියක් සහ උදැල්ලක් රැගෙන නිලධාරීන්ට පහරදීමට තැත්කර ඇති අතර එම අවස්ථාවේදී නිලධාරීන් ඔවුන් දෙදෙනා සමග පොර බදා ඇති අතර එම අවස්ථාවේදී තවත් කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයට පැමිණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *