BREAKING NEWS
Search

නිකන් ඉදලා ලක්ෂ 27කටත් වඩා හම්බ කරපු රියදුරා – මහනුවරින් ඇසෙන පුදුම හිතෙන කතාව

804

මහනුවර ජාතික රෝහලේ  සේවයේ නියුතු  සෞඛ්‍ය රියදුරෙකු   ඉකුත් වසර  පහමාරක කාලය තුලදි  (2018 සිට 2023 ජුලි 31)  කිසිදු  රාජකාරියක් ඉටුකර නොතිබුනද  එම කාලයට අදාළ  වැටුප් ලෙස රුපියල්  විසිහත්ලක්ෂ,තිස්දෙදහස්,නමසියහතලිස්හතරක  (2,732,944)   මුදලක්  ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මෙම කාලය තුල රෝහල් බලධාරින් විසින්  මෙකි සෞඛ්‍ය රියදුරු වෙත  කිසිදු  රාජකාරියක්  පවරා නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ සම්බන්දයෙන් පුර්ණ ස්වාධින විමර්ශනයක් සිදුකර  වගකිවයුතු පර්ශවයන් සම්බන්දයෙන්  ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය  මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා  විසින් විගණනයට  සදහන් කොට ඇත්තේ  විගණන නිරික්ෂණ සමග එකගවන බවය. මෙම රියදුරා විසින්  ලබාගෙන තිබු වැටුප් රහිත නිවාඩු ගණනය කර  දින 57ක් සදහා රුපියල් 90,380ක මුදලක් හා 2023 වර්ෂයේ මාස තුනක වැටුපෙන් අයකරගෙන ඇති බවත්  2023 දෙසැම්බර් හා 2024 ජනවාරි  මස වැටුපෙන් වැටුප් රහිත නිවාඩු  දින 47ක් සදහා රුපියල්  75811  ක මුදලක්  අයකරගෙන ඇති බව ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *