BREAKING NEWS
Search

දියණියගේ පෙමට උරණවූ පියා පෙම්වතාට කල අමානුෂික දේ

203

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙම පියාගෙන් බරපතල පහර කෑමට ලක් වූ පාසල් සිසුවා ආඩියාගල  රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දඹුල්ල රෝහලටත් දඹුල්ල රෝහලෙන් අසාධ්‍ය තත්ත්වයේ මහනුවර මහ රෝහලටත් ඇතුළත් කොට මේ වනතුරුත් කිසිදු සිහියක් නොමැතිව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ගල්කිරියාගම පොලිසිය කියයි.

පසුගිය දිනෙක මෙම පාසල් සිසුවා පහලොස් හැවිරිදී  එකම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවිය  සමගින් උපකාර  පංති යන අවස්ථාවක මහමග ප්‍රදේශයේ ස්ථානයක  කතා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පියා මෙම දියණියටත්  පාසල් සිසුවාටත් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී යයි පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *