පාපැදියේ ගැට ගසා තිබු කාඩ්බෝඩ් පෙට්ටියේ තිබු දේ දැක පොලිස්සියත් හොල්මන් වෙයි

135

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

තාණ්ඩිකුලම ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දිමකට අනුව  ඊයේ(16) පොලිසිය සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු පාපැදියේ කාඩ්බෝඩ් පෙට්ටියක් ගැටගසා මෘත ශරීර කොටස් තාණ්ඩිකුලම වැව මාර්ගය අසල රැගෙනයමින් සිට ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූයේ සුසානභූමියක් වෙත ඉතා ආරක්ෂාකාරිව ඉවත්කළ යුතු මෘතශරීර කොටස් දුඟද වහනය වන අයුරින් අවිදිමත් ලෙස සැකකරු තාණ්ඩිකුලමට රැගෙනවිත් ඇති බවයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තාණ්ඩිකුලම ප්‍රදේශයේ ස්ථානයකට රැගෙනයන බවත් පවසා ඇති අතර තාණ්ඩිකුලම වැවට මෘතශරීර කොටස් දමා තිබේද යන්න විමර්ශන සිදුකරන බවත් පැවසීය.සැකකරුට අවිධිමත් ලෙස මෘතශරීර කොටස් බැහැරකිරීමට ලබාදුන් මල්ශාලා හිමිකරුට එරෙහිව විමර්ශන සිදුකරන බවත් කීය. සැකකරු වවුනියාව ගනේෂපුරම් පදිංචි 53 හැවිරිදි  අයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *