රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ආදරේ නිසා මිනිස්සු ජිවිතේ බොහෝ කැපකිරීම් කරනවා.. සමහර දුර දිග නොබලා ගන්න තිරණ නිසා අවසානයේ ඉතිරිවෙන්නේ වේදනාවක් පමණයි.. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ..
ඇය මංජුලා… මංජුලාගේ තාත්තා මිය ගිහින් …
අම්මා එක්ක එයා ජිවිතේ ගැටගහගත්තේ ගොඩාක් දුක් විදලා. මංජුලා ඉගෙනගෙන තිබුණේ සාමාන්‍ය පෙළ වෙනකම් විතරයි… ඒත් හදිස්සියේම අම්මා මිය ගියා. හදිසි අනතුරකින්. මංජුලාව කබලෙන් ලිපට වැටුනා..
රැකියාවකට යන්න තරම් සුදුසු කමක් ඇයට තිබ්බේ නෑ. ඉරිදා පුවත්පතක පළවී තිබුණු දැන්වීමක් දැක්කේ ඔය අතරතුරේදියි… මංජුලා ඒ දැන්වීමේ තිබුණ නිවස සොයාගෙන ගියා. ඇයට රැකියාව ලැබුණා. ඒ නිවසේ රෝගියෙකු බලාගන්න. යහමින් සල්ලිබාගේ තියෙන පෝසත් පවුලක . ඒ නිවසේ අයිතිකාර කාන්තාව සිය දියණිය සමඟ විදෙස් රටක පදිංචිව සිටි බව ප්‍රකාශ කරා.
ඇගේ සැමියා සිදුවුණු රිය අනතුරක් නිසා කකුල් දෙකම අහිමි වෙලා හිටියේ. ඔහුගේ නම වික්‍රම . වික්‍රම මහත්තයාව බලාගන්න එකයි ඇයට ලැබුණ රැකියාව . මංජුලාට වික්‍රම මහත්තයාගේ ගෙදර සේවය කිරීමට අවස්තාව ලැබුනේ එලෙසයි. වික්‍රමගේ මහගෙදර සිටියේ ඔහුගේ මවත් සොයුරියත් පමණයි. පිටස්තරයෙකු කියා සිටියේ රියැදුරු බණ්ඩාර පමණයි. පවුලේ සියල්ලෝම මංජුලාට හුගාක් සමීප වුණා. ඇයට ආදරයෙන් සැළකුවා…
පවුලේ කා සමගත් සමගියෙන් හිටපු මංජුලාට බණ්ඩාරව විශේෂව දැනෙන්න ගත්තේ ඔය අතරයි. ඔහුන් දෙදෙනා ආදරෙන් බැදුනේ ඔය අතරයි. මංජුලා බණ්ඩාරගේ ගෙදර පවා ගිහිල්ලා ආවා. බණ්ඩාරගේ අම්මා ඇයට ඉතාමත් ආදරෙන් සැලකුවා. ඇයට වටිනා තෑගී පවා දුන්නා.
දිනක් බණ්ඩාර දුක්මුසුව පැවසුවේ අම්මාට බයිපාස් සැත්කමක් කරන්න අවශ්‍ය බවයි. මංජුලා පඩිය ඉතුරු කරලා තිබ්බා. ඇය ඒ මුදල දෙන්නම් කියලා පොරොන්දු වුණා. ඒ ලක්ෂ දෙක අරන් මොකක් කරන්නද ? මට ප්ලෑන් එකක් තියෙනවා. බණ්ඩාර කිව්වා… ඒ සැලසුමට අය බය වුණා.
එත් එදා රාත්‍රියේදී බණ්ඩාර සිය මිතුරෙක් සමඟ වික්‍රම නිවස කොල්ලකෑවා..ඒ රාත්‍රියේම මංජුලාව දාලා බණ්ඩාර පලා ගියා…
සිදුවුණේ කුමක්ද කියලා මංජුලාට වැටහීමක් උනේ නෑ. වික්‍රම මහත්මයා රෝහලේදී මිය ගියා. කාන්තාවන් දෙදෙනා පොලීසියට ප්‍රකාශයක් දීලා තිබුණා බණ්ඩාරගෙයි මංජුලාගෙයි සම්බන්ධය ගැන…
තොරතුරු හොයාගෙන ගිය පොලිසිය බණ්ඩාරව අත්තඩංගුවට ගත්තා. මංජුලාවත් මිනීමැරීමට , සොරකම් කිරීමට , උදව් කිරිම සම්බන්ධයෙන් දඩුවම් නියම වුණා.. ජිවිතේ තරුණ කාලේ හිරගෙදරක ගත කරන්න තරම් මංජුලා අවාසනාවන්තියක් වුණා.


















