BREAKING NEWS
Search

උසස්පෙළ විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

592

උසස්පෙළ විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක් …

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර විභාග කාල සීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබෙනවා. ඒ පසුගිය කාලසීමාව තුළ මතු වූ ගැටලු මුල් කරගනිමින්.මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා
වෙනත් පුවත්

මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු 150ක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ.

ඒ අනුව මෙවර තේරීපත් වූ 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම විශේෂත්වයකි.

ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.

පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක් හිමිවූ අතර ඉන් 130 දෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බව සඳහන් වේ.

සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර 35න් 8 දෙනෙකු නවක මන්ත්‍රීවරුන් වන අතර 27 දෙනෙකු මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ද මෙවර පාර්ලිමේන්තුවට එක් නවක මන්ත්‍රීවරයෙකු තේරීපත්ව තිබේ.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් තිදෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.

කෙසේ වෙතත් නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ තිදෙනාම මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වේ.

පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු ධුර 29ක් පත් කිරීමට නියමිත අතර ඉන් බහුතරය ද නවක මන්ත්‍රීවරුන් වනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 150 ඉක්මවා යනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *