BREAKING NEWS
Search

බොරැල්ලේ මාරක රිය අනතුර – අනතුරින් පසු කල කැත වැඩේ මෙන්න

329

බොරැල්ල කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේ දී අද (17) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

නාරාහෙන්පිට සිට කිතුල්වත්ත පාර දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ පැමිණි පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවද වාර්තා වේ.

මියගොස් ඇත්තේ බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෝටර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයේ දෙදෙනකු පැමිණ ඇති බවත් අනතුරින් පසු එක් අයෙකු මෝටර් රථයේ සවිකර තිබූ කැමරාව ගලවා පැන ගොස් ඇති බවත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *