BREAKING NEWS
Search

හදිස්සියේ පිපිරිමෙන් සිදු වූ බිහිසුණු අනතුර

138

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ  පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි .

ඊයේ (16) සවස 6.45 ට පමණ මෙම පුපුරායාම සිදුවී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගුණකොලපැලැස්ස ,රන්න පාර, අංක 128/02 ලිපිනයේ පදිංචිව සිටි බෝවල ගම් ආචාරිගේ සදීප සිත්මිණ නමැති තරුණයාය.

පුපුරා ගිය බැරලය ගරාජයේ වාහනවල තීන්ත ආලේපනය කිරීමට අවශ්‍ය තිනර් රැගෙන එනලද හිස් යකඩ බැරලයක් බවත් එහි එකතුවූ ගෑස් තත්වයක් මත බැරලය  හදිසියේ පුපුරා යන්නට ඇතිබවත් පොලිසිය පවසයි .

පුපුරා ගිය බැරලයේ පියන කොටස ගැලවී ගොස් ගෙල ප්‍රදේශයේ වැදී  බරපතළ තුවාල ලැබූ තරුණයා අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කර තිබේ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *