BREAKING NEWS
Search

ඔබ සැබෑ පිරිමියෙක් නම් ඔබ ඔවැනි දේ පතුරමින් තලු මරන්නේ නැත – අනු කනු වෙනුවෙන් හඩක් නැගූ ජනප්‍රිය නිළි චුලක්ෂි

593
අනූ කනූගෙ රුවට සමාන ලෙස කළ සමාජ මාධ්ය වෙත ශෙයා වෙමින් පවතින වීඩියෝවක් සම්බන්දව මන් අද කතා කරන්න ආවෙ
ජීවිතයේ ජීවය ලබා දෙන මවගේ සිට සොහොයුරිය , නැගණිය, පෙම්වතිය, බිරිඳ , දියණිය දක්වා වෙනස් වෙමින් යන ගැහැණියගේ භූමිකාව සෑම පිරිමියෙකුගේම දිවියේ සවිය , ආදරය හා ජීවය වී ඇතිවාට සැක නැත. තමන්ගේම ආදරණීයන් විශ්වාස කොට දිවියේ බොහෝ තීරණ ගැනීමට ගැහැණුන් පෙලඹෙන්නේ ඔවුන් විශ්වාස කරගෙනය.නමුත් ගැහැණුන්ට එම ආදරණීයන් යැයි හදුනාගත් පුද්ගලයන් අතින්ම අකටයුතුකම් වන්නේ ඔවුන් කවදාවත් එසේ කරයි යැයි නොසිතනා අවස්ථාවේ දීය. කාන්තාවක බුද්ධිමත් විය යුතුමය. ආදරය යැයි කියමින් පැමිනෙණ අවස්තාවාදී පිරිමින් හදුනා ගැනීමට ගැහැණුන් සබුද්ධික විය යුතුමය. එහෙත් එසේ නොසිතා ආදරය නිසා දෑස් මෙන් ඔහුට සියල්ල දී නොමනා කම් විදින්නට වන්නේද ඇයටමය. සිතා බලන්න ඔබගේ මව සොහොයුරිය දියණිය මේ කවුරුන් හට ඇයගේ නිරුවත් ජායාරූපයක් වීඩියෝවක් සමාජ ගත වුවහොත් .අත්වැරදීමකින් හෝ සමාජ ජාලා වලට මුදා හැරුනොත් ඔබට දැනෙන හැගීම කුමක් විය හැකිද?
ඔබ්ගේ ජීවිතය වැනි මවගේ සොහොයුරියගේ බිරිදගේ දියණියගේ එවැනි ජායාරූපයක්, වීඩියෝවක් ඔබ තලු මර මර රස කරගෙන බලන්වාද?
අසැබි වදනින් ඇයව නොමරා මරනවාද? නෑ. ඒ සිදුවීමමට ඔබට මුහුණ දීමට සිදු වූවා නම් ඔබ එසේ කරන්නේ නැත. ඒත් තවත් කාගේ හෝ දරුවෙක්, නැගණියෙක්, පෙම්වතියක්, බිරිඳක් විය හැකි කාන්තාවකගේ නිරුවත් ජායාරූපයක් ,වීඩියෝවක් සමාජ ජාලා වලට කවුරුන් හෝ අපතයෙක්( සමාවන්න මේ නම යෙදුවාට නමුත් එවැන් වුන්ට ඇමතිය යුත්තේ එසේය) මුදා හැරි සැනින්ම අපේ සමාජයේ පිරිමින් ගැහැණුන් කලබල වී එය ගැන සොයා බලන්නේ ඉමහත් කෑදර කමකිනි. වැරැද්දක් වන්නට ඇත. නොවන්නටද ඇත. සමහර විට අහින්සක තරුණ ජීවිත වලට ජීවිතයේන් වන්දි ගෙවීමට සිදු වීමට හැකිය. පුලුවන්නම් තමන්ගේ දිවියේ ළගම කාන්තා චරිත ගැන සිතා වත් සමාජයේ ගැහැණුන්ට කකුලෙන් අදින වට්ටන ඔවුන්ගේ මුලු ජීවිතයම අගාධයකට ඇද දමන සමාජ ඝාතකයෙක් නොවන්න. ගැහැණියකට වැරදීමට පුලුවන . එය පිරිමින්ටද එසේමය.
සුජාත යැයි කියා ගන්නා බොහෝ පිරිමින් මනසෙන් සුජාත නැත. දකින ගැහැණියක් මනසින් දෑසින් නිරුවත් කොට ඔවුන් හා රමණයේ යෙදෙන්නටද ඔවුන්ට හැකිය. ගැහැනුන් දූෂනය කල හැකිය, ළමා අපචාර කළ හැකිය. නමුත් ගැහැණියගෙන් දෂමයක් වරදක් විය නොහැක. ගැහැණුන්ගේ නිරුවත් ජායාරූපයක් වීඩියෝවක් දුටු පමණින් කුලප්පු වී තප්පුලන එවන් වුන් හට තමන්ගේ මවක් සොහොයුරියක් පෙම්වතියක් බිරිඳක් දියණියක් සිටිය නොහැක. සිතන්න. ඔබ සැබෑ පිරිමියෙක් නම් ඔබ ඔවැනි දේ පතුරමින් තලු මරන්නේ නැත. නිකමටවට් ඒවා සමාජ ගත කරන්නවුන් කවුද ඒවා සොයා බලන්නට කවුරුත් නැත. මදක් සිතන්න සමාජයේ තවත් එක පිරිමියෙක් නොවී සැබෑ පිරිමියෙක් ලෙස සිතන්න. ඕපා දූප පතුරන වට්ටිඅම්මා ගැහැණියක නොවී සානුකම්පිතව සිතන්න.
පුද්ගලික වීඩියෝවක් බෙදාහරින සෑම අවස්ථාවකම කෙනෙකුගේ වේදනාවට ඔබත් සහභාගි වන අතර මේ චක්රය නවතා දමන උසස් මනසක් ඇති පුද්ගලයෙකු වන්න.මන්ද යම් දිනක තමන්ටද එය සිදුවීමට ඉඩ ඇත.විනෝදයට පෙර කරුණාව තෝරාගන්න.🤍
🖤



Leave a Reply

Your email address will not be published. Required fields are marked *