BREAKING NEWS
Search

සෙල්ලම් කරමින් සිටියදී ඇතිවූ පුංචි රණ්ඩුවක් අන්තිමේදී නැවතුනු තැන

659

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසෝ වතුයායේ ෆ්‍රිඩ්ලන්ඩ් කොටසේ පදිංචිව සිටි 11 හැවිරිදි පාසල් සිසුවියක් (16) දින සිය නිවසේ මුළුතැන්ගෙහි තුල පාසල් ටයි පටියෙන් ගෙල වැලළාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුවේ

මෙසේ ගෙල වැලළාගෙන ජිවිතක්ෂයට පත් වි ඇත්තේ පෙට්රොසෝ දමිල මහා විද්‍යාලයේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නඩරාජ් තයිමගල් යන පාසල් සිසුවියයි.

සිය සහෝදරයන් සහ එම වතුයායේ ළමුන් කිහිපදෙනෙකු සමග නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවිය සෙල්ලම් කරමින් සිටියදි ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු සිසුවිය නිවසට දිවගොස් මුළුතැන්ගෙහි බාල්කයේ ටයි පටියෙන් ගෙල වැලළාගෙන ඇති බවට මියගිය සිසුවියගේ දෙමව්පියන් විසින් බගවන්තලාව පොලිසියට ප්‍රකාශ කර ඇත.

මියගිය සිසුවියගේ සිරුර බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *