මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව ඇතැයි වාර්තා වෙනවා.
මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගයෙන්.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය.
මේ අතර සමන්මලී ගුණසිංහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති කොට්ට හච්චිගේ, ඔෂානි උමංගා ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද,
සරෝජා පෝල්රාජ් එම බලවේගයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, නිලූෂා ගමගේ එම බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද සාගරිකා ආතාවුද ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිරුණි විජේසිංහ ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, චතුරි ගංගානි මොණරාගල ජාතික ජන බලවේග දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තුෂාරි ජයසිංහ මහනුවර ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද පත්ව ඇත.
එමෙන්ම හසාරා ලියනගේ ගාලු දිස්ත්‍රික් ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද දීප්ති වාසලගේ ජාතික ජන බලවේග මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටිති.
හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය වන චමින්ද්‍රාණි කිරි ඇල්ල සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටිති.




















