දෙයියනේ…! මොකද්ද ඒ වුණේ ? – ලොවක් බලා සිටි, බොක්සිං තරගයෙන් මයික් ටයිසන්ට වෙච්ච දේ මෙන්න…

518

ටයිසන්ට අතර අද (16) පැවති බොක්සිං තරගාවලියෙන් ජය ලැබීමට ජේක් පෝල් සමත් වුණා.

මෙම තරගය හොටන්ස්ට්‍රෝන් මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

මයික් ටයිසන් 2005 දී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර ඉන් පසුව සහභාගී වූ පළමු තරගය මෙය වීමත් විශේෂත්වයක්.

ජාත්‍යන්තර තරග රැසකින් ජයග්‍රාහණය ලැබූ මයික් ටයිසන් ලෝක ශූරයෙකු ලෙස හඳුන්වන අතර ඔහු මේ වන විට 58 හැවිරිදි වියේ පසුවෙනවා.

ජේක් පෝල් මේ වන විට 27 හැවිරිදි වියේ පසුවන අතර දෙදෙනා අතර වයස 31ක විශාල පරතරයක් ඇති සටනක් හෙයින් මෙය “පරම්පරාවන් අතර සටනක්” ලෙසයි සැලකෙන්නේ.

මයික් ටයිසන්, බොක්සින් ක්‍රීඩාවේ අභිමානයක් බවට පත් වූ කාලාන්තාරයක් ගත කළ ක්‍රීඩකයෙකු වන අතර, ඔහුගේ 58 වැනි වියේදීත් තරුණ සටන්කාමීන්ට ආභාෂයක් ලබා දී තිබෙනවා.

ඔහු 2023 ජූලි මාසයේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සටන කල්දමා තිබූ අතර ඉන් සම්පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙම තරගයට සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *