අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන්ගේ විවාහය දෙදරා ගිහින් කියන කතාව දැන් කාලෙක ඉඳලා අහන්න ලැබෙනවා.
නමුත් ඉඳහිට හෝ තාමත් අභි සහ අයිෂ් මාධ්‍ය ඉදිරියේ එකට දකින්න ලැබෙනවා.
මුල් කාලේ මේ කතාව ගැන අදහස් පළකරපු අය කිව්වේ මේ ප්‍රශ්නයට හේතුව ජායා බහාධුරි පුතාගේ පවුල් ජීවිතයට අනවශ්‍ය ලෙස අත දැමීම කියලයි.
නමුත් මේ වෙද්දී ඒ ගැන වෙනස්ම විදියේ කතාවක් අහන්න ලැබෙනවා. මේ කතාවේ කතා නායිකාව නීම්රත් කවුර් නම් නිළියක්.
ඇය එක්ක අභිෂේක් ට ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් සැක කරනවා.
මේ අනුමානයට හේතුව අභීගේ සහ නීම්රත් ගේ පරණ වීඩියෝ සහ ඡායාරූප කියලා තමයි ඉන්දීය මාධ්‍ය නම් කියන්නේ.
මේ වෙනතුරු කිසිම අදහසක් පළ කරපු නැති නිම්රත් පසුගිය දාක ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමන් තවදුරටත් තනිකඩ නොවන බවත් විවාහක කෙනෙකු සමඟ සම්බන්ධතාවයක් තියෙනවා කියලා.
නිම්රත් කියන්නේ රාජස්ථාන් වල ඉපදුණු කෙනෙක්. එයාගේ තාත්තා හිටපු හමුදා නිලධාරියෙක් බව තමයි කියවෙන්නේ.
ඒ වගේම එයාගේ නංගී මනෝ වෛද්‍යවරිය ක් විදියට බැංගලෝරයේ සේවය කරනවා. ඒ වගේම නිම්රත් වාණිජ විද්‍යා උපාධිධාරිනියක්.
2004 දී රංගනයට පිවිසෙන ඇය The lunch box චිත්‍රපටය ට ද රංගනයෙන් දායක වුණා. ඒ විතරක් නෙවෙයි ඇය ඇමරිකානු ටෙලි නාට්‍ය මාලා සඳහාත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කොහොම වුණත් මේ ගැන අයිශ්වර්යා නම් කිසිම දෙයක් කියලා නෑ. ඒ අතරේ දැනට 42 වන වියේ පසුවන නිම්රත් නම් අභිෂේක් එක්ක හැම තැනම දකින්න ලැබෙනවා. එයින් කියවෙන්නේ මේ කට කතා ඇත්ත බව වෙන්නත් පුළුවන්.