පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට

105
2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වුණා.

ඒ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලයන්ට අදාළව පාර්ලිමේන්තුවේ ආසන 123 සීමාව ඉක්මවා යමින්.

ජාතික ජනබලවේගය මෙම මැතිවරණයේ දී මේ වන විට පාර්ලිමේන්තු ආසන 123ක් ලබා සිටින්නේ ඡන්ද 6,842,223ක් ලබා ගනිමින්.

මේ අතර පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සමගි ජන බලවේගය වන අතර ඔවුන් විසින් දිනා ඇති පාර්ලිමේන්තු ආසන ගණන 31ක්.

මේ වන විට පාර්ලිමේන්තුවේ තුවැනියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වන අතර ඔවුන් දිනා ඇති මන්ත්‍රී ආසන ගණන 06ක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *