BREAKING NEWS
Search

පළමු දැකීමෙන් ම ආදරයක් ඇතිවෙලා හදිස්සියට සුව විඳින්න යන කෙනෙක් නම් මීලඟට හසුවෙන්නේ ඔබ වෙන්න පුළුවන්

152

මේ දවස්වල අහම්බෙන් හමුවන මිනිස්සු විශ්වාස කරනවා නම් බොහෝම පරිස්සමින්.

මොකද මෙන්න මේ වගේ සිදුවීම් ඔබටත් වෙන්න පුළුවන්.

විවිධ පුද්ගලයන් හා මිතුරු වී ඔවුන්ට සිහි මුර්ජා වීමට සළස්වා රන් භාණ්ඩ, මුදල් ඇතුළු වටිනා දේපල කොල්ලකෑ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කර්යාල කාර්ය සහායකයකු ඔහුගේ අනියම් බිරිය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර යුවළ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ පුද්ගලයන් හා මිතුරු වන මොවුන් එක්ව ගන්නා ආහාර පානවලට රහසේ කිසියම් මත්ද්‍රව්‍යක් කලවම්කර සිහි මුර්ජා කොට ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් සතුව තිබූ සිහි මුර්ජා කිරීමට භාවිතා කළ බවට සැක හඳුනා නොගත් මත් පෙති 15ක් ත්‍රීරෝද රථයක්, ජංගම දුරකථන 4ක් සමග රුපියල් ලක්ෂ 27කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකාර කාන්තාව රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු හා මිතුරු වී තිබෙනවා.

පසුව ඔහු ඔබේසේකරපුර ප්‍රදේශයේ ලැගුම් හලකට කැඳවාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

එහිදී බීම බෝතල් 2ක් ගෙන්වාගෙන ඉන් එක් බෝතලයකට මත් පෙති දමා ලබාදී ඔහුගේ සිහි මුර්ජා කොට තිබෙන අතර, පවුම් 08ක් වටිනා රන්මාල 2ක් හා ජංගම දුරකථන 2ක් සොරාගෙන තිබෙනවා.

අනතුරුව කාන්තාව ලැගුම් හලෙන් පලාගොස් තිබෙනව අතර පැය ගණනාවකට පසුව ලැගුම්හල් සේවකයින් කාමරය පරීක්ෂා කිරීමේදී පුද්ගලයකු සිහි මුර්ජා වී සිටිනු දැක පොල්සියට දන්වා තිබෙනවා.

ඉන් පසුව‍යි ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කර ඇත්තේ.

එම පුද්ගලයා පියවි සිහියට පැමිණ ඇත්තේ දින 3කට පසුව බවයි පොලීසිය පැවසුවේ.

පසුව හෙළිකළ තොරතුරු මත විමර්ශනය කිරීමෙනු‍යි සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබෙන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *