BREAKING NEWS
Search

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී ලං.වි.ම විදුලි අධිකාරීවරයෙකුට පහර දීමක්

173

ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට  දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධියක් හේතුවෙන් විදුලි අධිකාරීවරයා රෝහල් ගත කර ඇති බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

කේෂාන් බුද්ධික මහතා මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී මෙසේ පහර කෑමට ලක්ව ඇති බවත් ඔහු තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරියා කීය.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නගර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමන හියාරේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදිවියේ පසුවන අයෙකි.

මොහු ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන විට සිය ජංගම දුරකථනය ද රැගෙන පැමිණ තිබේ. ඡන්ද මධ්‍යස්ථානය තුලදි ජංගම දුරකථනය නාදවි ඇත. එම අවස්ථවේ ඡන්දපොළ ස්ථානාධිපතිවරයා විසින් මොහුට ජංගම දුරකථනය තබා පැමිණෙන ලෙස දැනුම් දි ඇත. ඉන් කෝපයට පත් මෙම පුද්ගලයා ඡන්දය සලකුණු කරණ ස්ථානයේ දිම ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මෙම සිද්ධිය සම්බන්දව අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *