BREAKING NEWS
Search

ද්විත්ව ඝාතනයකට අනුබල දුන් ගැබිනි කාන්තාවක් අත්අඩංගුවට

159

ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මහ දවල්  අඹු සැමි යුවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන්නේ යයි කියන ගැබිනි කාන්තාවක් ඊයේ (13) අම්බලන්ගොඩ මාදම්පේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකාරිය මිය ගිය අඹු සැමි යුවළ පදිංචි අම්බලන්ගොඩ මාදම්පේ අසල්වැසි කාන්තාවක් බවත් 29 හැවිරිදි ඇය ගැබිණියක් බවත් පොලීසිය කියයි.

සැකකාරිය මේ යුවළ ඝාතනයට ඔත්තු බැලුවේ යයි කියන සැකය මත මෙසේ සැකපිට පශ්න කිරීම සදහා ඇය සිය නිවසේදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

නාදුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය කෙරුණේ අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි හේවායමන් රංජන් (47)සහ  නාමල් ශාන්ති මල්ලිකා(50) යන අඹුසැමි යුවළ බවද පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *