රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ලොවපුරා ඉන්දියානු සිනමා රසවතුන් මහත් ආදරයෙන් වැළඳගත්, නිඛිල් අද්වානිගේ ”Kal Ho Naa Ho” යළි තිරගත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, නොවැම්බර් 15 වැනිදා.
2003 වසරේ පළමුවරට තිරගත වුණු චිත්‍රපටය නිකුත් වෙලා මේ වෙද්දි වසර 21 ක්.
ජයා බච්චන්, ෂාරුක් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ ප්‍රීති සින්ටාගේ රංගනයෙන් හැඩවුණු ‘කල් හෝ නා හෝ’ සිනමා සිත්තමේ සහාය චරිත වන්නෙ සුෂ්මා සෙත්, රීමා ලාගු, ලිලීට් ඩුබේ සහ ඩෙල්නාස් ඉරානි.
මේ වසරේදී මෙයාකාරයෙන් යළි තිරගත වන එකම චිත්‍රපටය මෙය නෙවෙයි.
Rehnaa Hai Terre Dil Mein, Tumbbad, Veer Zaara, Maine Pyaar Kiya සහ Tujhe Meri Kasam යන සිනමාපට ද මේ වසර තුළ යළි සිනමා තිරයට නැඟුණා.























