BREAKING NEWS
Search

ඡන්ද පොළකට පහරදීමට සූදානමක් ? ආයුධ හමුවෙයි

278

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙකක් සහ කඩුවක් ඊයේ (13) සොයාගත් බව සූරිය වැව පොලිසිය පවසයි.

එම ලොරියේ හිමිකාරිනියගෙන් සහ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

ටී 56 ගිනි අවියක් ලොරි රථයක සඟවාගෙන ඡන්ද පොළකට පහරදීම සඳහා සූදානමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සූරිය වැව පොලිසිය වහා ක්‍රියාත්මක වී සිදුකළ විමර්ශන වලදී එම ලොරියේ ඩිෆරන්සරයේ උඩ කොටසේ ඉටි බෑගයක ඔතා සඟවා තිබූ ටී කටක් ගිනි අවිය, බෝම්බ සහ උණ්ඩ පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම ආයුධ තොගය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට නිවැසියන් හෝ කිසියම් පුද්ගලයකු විසින් සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර ලොරි  රථය පොලිස් භාරයට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *