BREAKING NEWS
Search

එකතුවෙන එක නැවැත්වීමට නව ක්‍රමවේදයක් හදුන්වා දෙයි..මෙම ක්‍රමයට දින 03ක් එකට හිටියත් කිසිදු ශාරීරික සම්බන්ධතාවක් නොපවත්වයි.

166

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලිංගික හැසිරීම නැවැත්වීම තුළින් ඩෙංගු මදුරුවන්ගේ මර්දනයට නව පිළියමක් සොයා ගැනීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ඒ පිරිමි මදුරුවන් බිහිරි කරවීමෙන් සංසර්ගයට හා ප්‍රජනනයට බාධා කරවීමෙන් බවයි පැවසෙන්නේ.

ගුවනේ පියාසර කරන අතරතුර මදුරුවන් ලිංගිකව හැසිරෙන අතර පිරිමි සතුන් ගැහැනු සතකු පසුපස හඹා යනු ලබන්නේ ගැහැනු මදුරුවන්ගේ තටු සැලීමේ ආකර්ෂණීය ශබ්දයට සවන්දීමෙන් බවයි එම පව පර්යේෂණය මගින් හෙළි කර ඇත්තේ.

මෙම ශබ්දයට සවන්දීම සඳහා පිරිමි මදුරුවන් භාවිතා කරන ජාන, වෙනස් කරමින් පර්යේෂකයන් විසින් අත්හදා බැලීමක් සිදු කරනු ලබයි.

එහි ප්‍රතිඵලය වූයේ – දින තුනක් එකම කූඩුවක සිටියත් ඔවුන් ගැහැනු සතුන් සමග කිසිදු ශාරීරික සම්බන්ධතාවක් නොපවත්වන බවයි.

ගැහැනු මදුරුවන් මිනිසුන්ට රෝග බෝ කරන්නන් වීම නිසා ඔවුන් පැටවුන් බිහිකිරීම වැළැක්වීමට උත්සාහ කිරීම හරහා සමස්ත මදුරු ගහනය අඩු කිරීමට උපකාරී වන බවයි පැවසෙන්නේ.

මදුරුවන්ගේ ඇසීමට උපකාරී වන ප්‍රෝටීනය වෙනස් කිරීම හරහා බිහි කළ විකෘති වූ මදුරුවන් තුළ, සාමාන්‍යයෙන් ශබ්දය හඳුනා ගැනීමට සම්බන්ධ වන නියුරෝන, සහකාරියන්ගේ පියාපත් නාදවලට හෝ පියාපත් ස්පන්දනයට ප්‍රතිචාර දැක්වූයේ නැති වීමද විශේෂත්වයක්.

ඒ නිසා ඒ මදුරුවෝ සහකාරියන් හා ප්‍රජනනය නොකරන බවයි පැවසෙන්නේ.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, ඡභ් සඟරාවේ සිය පර්යේෂණ කෘතිය ප්‍රකාශයට පත් කර ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *