BREAKING NEWS
Search

ජයටම කහ වගාවක් කරගෙන ගිය සුදු අක්කගේ අත් ගුණේ බලන්න පදුරු අස්සේ රිංගු කෘෂි නිලධාරියා

308
තම පාලන බල ප්‍රදේශයක වූ දක්ෂ ගෙවිලියකගේ “අත්ගුණය” බැලීමට ගිය කෘෂි නිලධාරියකුට දෙවියන් සිහිවීමේ අපූරු පුවතක් ඉකුත්දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ගොවි බිමකිනි.
ඇයගේ නම අනෙකක් වුවත් ගමේ අය ඇය ඇමතුවේ සුදු අක්කා නමිනි.

මැදවියේ විවාහක කාන්තාවක වූ ඇය කතාවට මෙන්ම වගාවටද දක්ෂ රූමතියකි.

ප්‍රදේශයේ වගා කටයුතු වලට දිරි දුන් කෘෂි නිලධාරියා කහ වගාවට විශේෂයෙන් ගොවීන් දිරිමත් කළ අතර ප්‍රදේශවාසී ගොවීන් ඔහු හැඳින් වූයේ කහ මහත්තයා නමිනි.

පසුගියදා පැවති කාන්තා ගොවි රැස්වීමකදී සුදු අක්කාගේ කහ වගාව ගැන හැම දෙනාම කතා කළේ එය ඉතා සාර්ථක වූ නිසයි.

” මේක සුදු අක්කගෙ අත්ගුණේ සර්, අක්කර බාගෙක වවපු කහ ගස් අතරට ගියාම කෙනෙක් පේන්නෙ නෑ. ඒ තරම් උසයි.” කාන්තාවක් කී නිසා රැස්වීම අවසානයේ මේ වගාව බැලීමට කහ මහත්තයාට සිතුණි.

වගා බිම පරීක්ෂා කළ ඔහු ” ඇත්තම තමයි ” කියමින් ඇය සමග කහ වගාවේ නොපෙනී ගිය අතර මොහොතකට පසු සුදු අක්කා ඉවතට පැන දිව්වේ කහ මහත්තයා මනමාල තට්ටුවක් දමා ඇගේ අත්ගුණය ගැන උදම් ඇනීමේ ක්‍රියාකාරකමකට පිවිසීම නිසාලු.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *