BREAKING NEWS
Search

විවාහා උත්සවයකට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ගඟට පෙරළී 14කට දිවි අහිමි වෙයි – මනාල යුවලත් ඒ අතර

820

උතුරු පකිස්ථානයේ කඳුකර Gilgit-Baltistan ප්‍රදේශයේ මංගල සාදයක පිරිසක් රැගත් බස් රථයක් ඉන්දු ගඟට පෙරලීමෙන් අලුත විවාහ වූ යුවළක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

12දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

එක් මගියෙක් තුවාල සහිතව දිවි ගලවා ගත් අතර ගඟේ සීඝ්‍ර ධාරාව සහ හිමාංකය හේතුවෙන් අතුරුදන් වූවන් සියල්ලෝම මිය ගොස් ඇතැයි අනුමාන කරන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මගීන් 27 දෙනෙකු රැගත් බස් රථය පන්ජාබ් පළාතේ චක්වාල් නගරයට යමින් සිටියදී ඊයේ ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 1 ට පමණ මෙම අනතුරට මුහුණ දී ඇති බව රජයේ ප්‍රකාශක ෆයිසුල්ලා ෆරාක් පවසා සිටියා.

අධික වේගය හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් බස් රථය ඩයමර් දිස්ත්‍රික්කයේ ටෙල්චි පාලමෙන් ගඟට වැටී තිබෙනවා.

ගලවා ගැනීමේ සේවකයින් විසින් ගඟෙන් මළ සිරුරු 13 ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය ශෝකය ප්‍රකාශ කළ අතර අතුරුදහන් වූ මගීන් සොයා දෙන ලෙස ගලවා ගැනීමේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.

බෝට්ටු සහ කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව බස් රථයේ සුන්බුන් ගඟෙන් ගොඩගනු ලැබුවා.

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු බදාදා ගං ඉවුර දිගේ පුළුල් කරන බවයි ඩෝන් පුවත්පත වාර්තාකර සිටියේ.

අගෝස්තු මාසයේදී, ඊසානදිග සහ නිරිතදිග පකිස්ථානයේ බස් රථ අනතුරු දෙකකින් එකම දිනකදී අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකුට දිවි අහිමි වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *