කළුතර දෙදියවල ප්‍රදේශයේ කරවලදූව පාලම අසල කිරිමැටි වලක තිබී අද(13)වැනි දා සැකසහිත මළසිරුරක් හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි .
මළසිරුර මුනින් අතට දියමත පාවෙමින් තිබෙන අතර පිරිමි පුද්ගලයෙකු ද කාන්තාවක ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය පවසයි.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ආර් ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
වෙනත් පුවත්
ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි
ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතුරු ඇඟවීම අද(13) ඉවත් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම අනතුරු ඇඟවීම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයද මීට පෙර ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බවට විශ්වාසදායි තොරතුරු ලැබී තිබෙන බැවින් නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා 23 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ඇමෙරිකා තානාපති කාර්යාලයේ අනතුරු ඇඟවීම උපුටා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ රුසියාවද එම අවස්ථාවේදී සිය පුරවැසියන්ට අනතුරු ඇඟවූවේය.
එම ආරක්ෂක නිවේදනය උපුටා ගනිමින් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයද මෙරට අරුගම්බේ ප්‍රදේශය, දකුණු සහ බටහිර පළාතේ වෙරළ තීරයන්හි සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස නිවේදනයක් නිකුත් කළේය. එසේම ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත් ජනතාව එක්රැස්වන ස්ථාන මගහැර සිටින ලෙසත් ඊශ්‍රායල

















