අබලන් අනාරක්ෂිත පාලම තරුණ ජිවිතයක් බිලි ගනී

132

ගොඩකවෙල  දොඹකොලඇල්ල  අබලන්  අනාරක්ෂිත  පාලමෙන්  වැටි  දියේ  ගිලුණු  තරුණයෙකුගේ   සිරුරක්  අද (13) දා එම  දොළේ  තිබි  හමු වු  බව  පොලිසිය  පවසයි.

මෙලෙස  මියගොස්  ඇත්තේ   මල්වත්ත, ගොඩකවෙලෙ  ප්‍රදේශයේ  පදිංචිව  සිටි ගොඩකවෙල  මුල්‍ය  ආයතනයක  සේවය  කරමි  සිටි  නදික  නුවන්  තිලකරත්න  නැමති  විවාහක   27  හැවිරිදි අයෙකු  බව  පොලිසිය  පැවැසීය.

මොහු  විවාහ වි  වසක  පමණ  කාලයක්  ගතවි ඇති   අතර  බිරිය  මාස  හතරක  ගැබිනියකි.

ඊයේ  (12) දා  රාත්‍රියේ  වෙලෙද  සලකට  පැමිණ   ආපසු  නිවස  බලා  යමින්  සිට ඇති  අතර  එම  අවස්ථාවලදී   එම දොළේ  අධික  ජල පහරක්ද  ගලා  ගෙන  ගොස්  ඇති  අතර  එම  අනාරක්ෂිත  පාලම   පහළට ඇඳ  වැටි ජල  පහරට  හසු  විම  හේතුවෙන්  මරණය  සිදු වි  ඇති  බව පොලීසිය විශ්වාස කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *