දඹුල්ලේ ගස් නැග මැච් බැලීම තහනම් ? ගසක් කපා ඉවත් කරලා

179

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග ගස් මත නැගී නැරඹීම පාලනය කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ, එලෙස කිරීමෙන් ඇති වන ඉතා අනාරක්ෂිත තත්ත්වය මඟහරවා ගැනීම සඳහායි.

ඒ අනුව F කොටසේ ඇති මෙම ගස් මතට නැගීම අවහිර කර බාධක ඉදිකිරීමටයි කටයුතු කර ඇත්‌තේ.

එමෙන්ම දැන්වීම් පුවරු ප්‍රකාශයට පත් කරමින් එම අනතුරුදායක කටයුත්ත වැළැක්වීමටත් ක්‍රීඩාංගන පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එය සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයේ සිට ක්‍රියාත්මක වනු ඇති.

මේ වනවිට ක්‍රීඩාංගණයේ F‌ කොටසේ ඇති කොහොඹ ගසක් ද ඉවත් කර ඇති බවයි ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ.

ප්‍රේක්ෂකයින් වැඩිපුරම නැගීමට කැමැත්තක් දක්වන මයිල වර්ගයේ ශාකය ද මේ වනවිට කඩා වැටීමේ අවදානමකට ලක්වී ඇති බව සඳහන්.

ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද ක්‍රීඩාංගණ පාලන අධිකාරියේ වගකීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *