ලක්ෂ 12ක බඩු සමග ‘රත්මලානේ සාදු’ අත්අඩංගුවට

311

මොරටුව, රත්මලාන, අඟුලාන යන ප්‍රදේශවල දිවා හා රාත්‍රි කාලයේ නිවෙස් බිඳ දේපළ සොරා ගත් ‘රත්මලානේ සාදු’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේදී යි.

ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින්.

එම පුද්ගලයා 34 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි හෙරොයින් පානයට අධික ලෙස ඇබ්බැහි වු පුද්ගලයෙක් බව සඳහන්.

සැකකරු සමඟ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා දේපළ සොයා ගැනීමට අපරාධ කොට්ඨාශය සමත් වී තිබෙනවා.

සැකකරු වසර 05කට පමණ පෙර පැවිදි දිවියේ සිටි අයෙකු බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඔහුට විරුද්ධව මොරටුව පොලීසියේ පැමිණිලි 03ක්ද, ගල්කිස්ස පොලීසියේ පැමිණිලි පහක් ද පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

පාපැදියක්, පරිගණක යන්ත්‍ර හතරක්, විදුලි උපකරණ, ගෑස් ටැංකියක් ඇතුළු දේපළ මෙම පුද්ගලයා විසින් සොරාගෙන විවිධ පුද්ගලයින්ට ඉතා අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *