BREAKING NEWS
Search

මේ මත්පැන් ඔබත් ගත්තද..දෙදෙනෙකුට දිවි අහිමි කළ මත්පැන් බෝතලය

537

පිටිගල ප්‍රදේශයෙන් නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනකු මියයෑමේ පුවතක් වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයන් දෙදෙනා බරපතළ තත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.පිටිගල පොලිස් වසමේ මත්තක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයන් 4 දෙනෙකු මෙලෙස අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී මත්තක මාරක්ගොඩ පදිංචි ධර්මපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙක් සහ හැරිසන් විජේරත්න නමැති 76 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

බරපතළ තත්වයෙන් පසුවන 64 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර ඇති අතර මත්පැන් බෝතලය ගෙනැවින් ඇත්තේ ඔහු බවට අනාවරණය වී ඇත.

අනෙක් පුද්ගලයා මේ වනවිට ඇල්පිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් පසුවන බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *