62 හැවිරිදි පුද්ගයෙක් චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතාම වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි විශාල පිරිසක් මරණයට පත් කර තිබේ.
එම සිදුවීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මරණයට පත් වී තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ.මිය ගිය සහ තුවාල ලැබු පිරිස අතර වැඩිහිටි, තරුණ මෙන්ම ළමුන් ද සිටින බව සඳහන් වේ.
මේ වන විට සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරුගේ දික්කසාදයෙන් පසු දේපොළ බේරුම්කරණයේ දී සිදු වූ ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ මානසික පීඩනයක් හේතුවෙන් මෙම පුද්ගලයා මෙය සිදුකර ඇති බවයි, පසුව සිදුකළ විමර්ශන වලදී හෙළී වී ඇත්තේ.
සැකකරු මේ වන විට කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගිනිමින් සිටින බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා නොහැකි වී ඇති බව එරට බලධාරීන් පවසා ඇත.

















