BREAKING NEWS
Search

විදුහල්පති පාසලෙන් සමු ගැනීමේ සතුට සමරන්න කසිප්පු ගෙනාපු ගලිගමුවේ සිසුන්

174

ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත් ලාච්චුවක සඟවා සිටියේ යැයි කියන උසස් පෙළ සිසුන් තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමකට අනුව ශිෂ්‍යයින් තිදෙනා හා මත්පැන් පොලිස් භාරයට ගෙන තිබේ.

පංති කාමරයක කබඩයක කසිප්පු සගවා ඇති බවට ලද තොරතුරකට නියෝජ්‍ය විදුහල්පතිනිය ගොස් එය  විවෘත කර පරීක්ෂා කිරීමේ දී පාසල් රැගෙන එන වතුර බෝතලයක තිබී කසිප්පු සොයාගෙන  ඇත.

අනතුරුව  මෙයට සම්බන්ධ වී ඇතැයි කියන සිසුන් තිදෙනා තහවුරු කරගෙන නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් කෑගල්ල පොලිසියට දන්වා තිබුණි.

පසුව සිසුන් තිදෙනා හා බෝතලය පොලිස් භාරයට ගෙන කෑගල්ල මුලස්ථාන පොලිසියට රැගෙනවිත් තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *