BREAKING NEWS
Search

ප්‍රවීණ රංගවේදියෙක් දිවිසැරිය නිම කරයි..

813
මේ කියන්න යන්නේ තවත් විශිෂ්ටයෙකුගේ නික්මයාමක් ගැන ඇසෙන සංවේදී පුවතක්..

ඔහු කලක් තිස්සේ රෝගාතුරව සිට ඇති බවටයි වාර්තා වෙන්නේ..

ප්‍රවීණ බෙංගාලි සිනමා නළු මනෝජ් මිත්‍රා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 85ක්..

මනෝජ් මිත්‍රා අතිශය ජනප්‍රිය වූයේ සිනමා අධ්‍යක්ෂක තපන් සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද බන්චරාමර් බගන් සහ සත්‍යජිත් රායිගේ සම්භාව්‍ය සරේ බයිරේ, ගණශාරු වැනි සිනමා පටවලට රංගනයෙන් දායකත්වය ලබා දීම හේතුවෙන්..

අඟහරුවාදා පෙරවරු 8.50 ට පමණ මනෝජ් මිත්‍රා මියගිය බව රෝහලේ වෛද්‍යවරයකු තහවුරුකර සිටියා..

“නොවැම්බර් 3 වැනිදා ඔහු විවිධ සෞඛ්‍ය ගැටලු සමඟ රෝහලට ඇතුළත් කර ඇති අතර කාලයත් සමඟ ඔහුගේ තත්වය නරක අතට හැරී තිබුණු බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ..

මනෝජ් මිත්‍රා ජනප්‍රිය අධ්‍යක්ෂක සත්‍යජිත් රායිගේ Ghare Baire සහ Ganashatru චිත්‍රපටවල ද පෙනී සිටියා..

සත්‍යජිත් රායි සමඟ ඔහුගේ වැඩවලට අමතරව, මනෝජ් මිත්‍රා බුද්ධදේබ් දාස්ගුප්තා, බාසු චැටර්ජි, තරුන් මජුම්දාර්, ශක්ති සමන්ත සහ ගෞතම් ඝෝස් වැනි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ද දැකගත හැකි වුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *