BREAKING NEWS
Search

ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නේ මෙහෙමයි

135

මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු 14 වැනිදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් කරයි.

ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවත් ඡන්ද කොට්ඨාශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බවත් එම නිසා නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටියි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකරන අයුරු සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කරමින් පැවසූවේ මෙසේය.එය අදියර තුනක් යටතේ සිදුවෙනවා. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරනවා.

දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාවය. එය අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා.

ඉන් අනතුරුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබයි. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රීධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදුකරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *