BREAKING NEWS
Search

මියෙක් නිසා ලක්‍ෂ විසිහතරක මුදල් හා දේපළ නැති කරගෙන

203

සංවිධානාත්මකව කොල්ලකෑම්වල නියැළී සිටි පුද්ගලයන් තිදෙනකු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසකට උල් පිහි අතැතිව අලුයම් කාලයේ ඇතුලු වී නිවැසියන් මරණීය තර්ජනය එල්ල කර බියගන්වා අත්පා, කටවල් රෙදිපටිවලින් ගැටගසා ගෙහිමියන් සතු රුපියල් විසි හතර ලක්ෂ තිස් දෙදාහකට අධික වටිනාකමකින් යුත් රන්භාණ්ඩ, මුදල් ඇතුළු දේපළ කොල්ල කා පලාගොස් තිබේ. ඒවා උකස් කිරීමට භාරදුන් කාන්තාවන් දෙදෙනකු හොර බඩු සන්තකයේ තබාගෙන සිටිය දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

තලාහේන ප්‍රදේශයේ දී අඩංගුවට පත් සැකකාරියන් බත්තරමුල්ල, තලංගම අරුප්පිටිය යන ප්‍රදේශවල පදිංචි තැනැත්තියන් බවත් මොවුන් කොල්ලකරුවන් සොරා ගන්නා දේපළ උගස් කිරීම හා සන්තකයේ තබාගැනීම සිදුකරනු ලැබ ඇතැයිද පොලිසිය පැවසීය.

ඉකුත් සැප්තැම්බර් මස 13 වන දින සිද්ධිය සිදුවී ඇති බවත් එදින තම බිරිඳ උදේ 5.00 ට පමණ තේ පිළියෙළ කරමින් සිටින අතරතුර මීයකුගේ

දැඟලීම නිසා ඉදිරිපස සහ පිටුපස දොරවල් විවෘත කර මීයා එලවීමට උත්සාහ කරමින් සිට තිබේ. ඒ අතරතුර හඳුනාගත නොහැකි වනසේ මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් තිදෙනකු නිවසේ ඉදිරිපසින් හා පිටුපසින් උල්පිහියක් අතැතිව ඇතුළු වී මරණීය තර්ජන සිදුකර රන් භාණ්ඩ, මුදල් හා දේපළ කොල්ල කා පලගොස් ඇති බවට කැස්බෑව පොලිසියට පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කෙරිණි.

ඒ අනුව නිවෙස් හිමිකාරියගේ ගෙලබැදි රන්මාලය, නිවසේ තිබූ ග්‍රෑම් 54 කට අධික බරැති රන්භාණ්ඩ, මුදල් රුපියල් ලක්ෂ 2 ක් හා 40,000ක් වටිනා ජංගම දුරකථන 2ක්, මුදල් රුපියල් 51,000ක්. රන්භාණ්ඩ ඇතුලු දේපළ සොරාගත් බවට ගෙහිමියා විසින් කැස්බෑව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත. වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ පොලිස් අධිකාරී 1 රෝහාන් පුෂ්පකුමාර යන නිලධාරීන්ගේ

අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කවිශංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ජයතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන (102022) කරුණාරත්න, (102364) බුද්ධික, කාන්තා පොලිස් කොස්තාපල් (11329) මනූෂිකා, පොලිස් කොස්තාපල් රියැදුරු (80965) එදිරිසිංහ යන නිලධාරී සිදුකරති.
පින්සිරි ආරියරත්න – රත්මලාන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *