BREAKING NEWS
Search

ක්‍රිකට් ක්‍රීඩකයා හෘදයාබාධයක් වැළඳී ක්‍රීඩා පිටියේම මියගිහින්

194

ඡන්ද අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට ඔහුගේ ආධාරකරුවන් විසින් සංවිධානය කළ ක්‍රිකට් තරගයක ක්‍රීඩා කිරීමට පැමිණි ක්‍රීඩකයකු හදිසි හෘද්‍යාබාධයක් වැළඳී ක්‍රීඩා පිටියේම මියයාමේ පුවතක් වැලිගෙපොල ගල්පාය ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

මෙසේ මියගියේ ඉත්තෑකන්ද ප්‍රදේශයේ විසූ එම්. ඒ. කැළුම් අරුණ කුමාර (30) නමැති තරුණයෙකි.

ඉකුත් (10 දා) කහවත්ත රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. එම්. අයි. ඩී. මීගස්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මරණ පරීක්ෂණයේ දී මෙය අනාවරණය විය.

පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එස්. කේ. දිසානායක මහතා විසින් පවත්වන ලදී.

බලන්ගොඩ – එන්. එච්. පියසේන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *