රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ ඒ ගැන ඇසෙන කතාවයි..
යාපනය, කන්කසන්තුරේ මාර්ගයේ දී වෑන් රථයක් හා යතුරුපැදියක් අනතුරකට ලක්වීමෙන් පසුව වෑන් රථ රියැදුරාගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් හතර දෙනෙකුට රියැදුරු බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පහරදීම සිදු වී තිබෙනවා..
වෑන් රථයේ ගැටී ඇත්තේ කන්කසන්තුරේ පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරියකු වන අතර එම අනතුරෙන් පසුව රාජකාරියේ නොසිටි සිවිල් ඇඳුමින් සැරසී පාරේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වෑන් රථයේ රියැදුරුට හා වාහනයේ සිටි පිරිසට පහරදීම නිසා පොලිසිය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබුණා..
මෙම පහර කෑමෙන් තුවාල ලද තිදෙනකු හා කුඩා දරුවකු තෙලිප්පලෙයි රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට ඇති අතර පොලිසිය හා මහජනතව අතර ඇති වූ දැඩි නොසන්සුන්තාවයෙන් පසුව වෑන් රථයේ රියැදුරුට පහරදුන් පොලිස් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පියවර ගැනීමෙන් පසුව කුපිත වූ ජනතාව විසිර ගොස් තිබුණා..
කෙසේ වෙතත්, යාපනය දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහගේ නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ..

දිවයින පුවත්පත ඇසුරෙන්..


















