BREAKING NEWS
Search

පැරණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා…මඟුල් ගෙදරදී හිමින් සීරුවේ මාරු වෙන්න වෙන්න ට්‍රයි කරපු පරණ පෙම්වතා

422
ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙනවා.

මාතර නගරයෙන් ඈත ග්‍රාමීය පෙදෙසක විසු රජයේ නිලදරුවෙකු වූ ඔහු යම් සමාජ මට්ටමක සිටි පුද්ගලයෙකි.

ගමෙහි මෙන්ම අවට ගම්වල ද මංගල හා අවමංගල උත්සවයක්, පිරිත් පිංකමක් මෙන්ම වෙනත් වුවමනාවන් සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළේ ඔහුය.

ඒ ඔහු තුළ තිබූ සංවිධාන ශක්තිය හා තැනට උචිත චතුර කථිකත්වය නිසාවෙනි.

දිනක් තම ඥාති පුතෙකුගේ මංගල උත්සවයකට ඇරයුම් ලැබූයෙන් එම ගමනට සුදානම් වුයේ තම අායතනයෙන්ද නිවාඩු අනුමත කර ගැනීමෙන් අනතුරුව තම බිරිය සමගිනි.

දුර බැහැරක පැවැති මංගල උත්සවය සඳහා ඔවුන් පිටත් වුයේ මංගල දිනය දා උදෑසනිණි. මංගල නිවසට පැමිණි ඔවුන් පිළිගනු ලැබුයේ මනාලියගේ පියා විසිනි.

ඒ මව තම දියණිය සුදානම් කිරීමේ කටයුතුවල නියැලී සිටීම නිසාවෙනි.

පැමිණි පිරිස තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව ආ ගිය විස්තර කථා කරමින් සිටින විට ඔහු හට ඉතා හුරු පුරුදු කාන්තා රුවක් දැකගන්නට ලැබූයෙන් ඒ පිළිබඳ සොයා බැලු‍ ඔහුගේ ඉහ මොළ රත්වුයේ තමා මේ ඇවිදින් සිටින්නේ මෙයට වසර 25 කට පමණ පෙර ආදරයෙන් බැඳී සිටි පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට බව දැන ගැනීමෙනි.

වහා ක්‍රියාත්මක වූ ඔහු බොරු ලෙඩක් මවා කඩයකින් මුව ආවරණයක් ගෙන්වා පැළඳ ගත්තේ එම කාන්තාවට තමා කවුරුන්දැයි හඳුනාගත නොහැකි වන්නටය.

එතැනින්ද නොනැවතුනු ඔහු කල්පනා කළේ මෙතැන සිටියොත් මංගල කථාවේ දී තමා කවුරුන් ද යන්න මනාලියගේ මව හඳුනා ගන්නා බවත්, ඉන් තමාගේ සමාජ තත්වයට මෙන්ම පවුල් ජීවිතයටත් බලපෑමක් වන බවත්ය.

වහා තම ජංගම දුරකථනය අතට ගත් ඔහු ඇමතුමක් පැමිණි ආකාරයෙන් කතා කරමින්, තමාට ඇරයුම් කළ ගෙහිමියා ළගට ගොස් කලබලයෙන් මෙන් ප්‍රතිචාර දැක්වූයේ “හරි මම දැන්ම එන්නම්” යනුවෙනි.

මේ කතාව අසා සිටි ගෙහිමියා “මොකක් ද මහත්තයෝ කරදරයක් ද” යනුවෙන් විමසූ විට, “ඔව් අනේ අයියේ ඊයෙ රෑ අපේ ඔපීස් එකේ දොර කඩලා. මගේ කාමරයේ තිබුණු පරිගණකය අරගෙන ගිහින්. දැන් කතා කළේ ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්න යන්න. නැත්නම් මාවත් අත්අඩංගුවට ගනීවි.”

“අනේ එහෙනම් ඉක්මනට යන්න මහත්තයෝ. මම කථාව වෙන කෙනෙකුට පවරන්නම්” යනුවෙන් පැවසීමත් සමග ඔහු එතනින් ලිස්සා ගියේ ඉබ්බා දියට දැම්මාක් මෙනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *