ගමෙහි මෙන්ම අවට ගම්වල ද මංගල හා අවමංගල උත්සවයක්, පිරිත් පිංකමක් මෙන්ම වෙනත් වුවමනාවන් සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළේ ඔහුය.
ඒ ඔහු තුළ තිබූ සංවිධාන ශක්තිය හා තැනට උචිත චතුර කථිකත්වය නිසාවෙනි.
දුර බැහැරක පැවැති මංගල උත්සවය සඳහා ඔවුන් පිටත් වුයේ මංගල දිනය දා උදෑසනිණි. මංගල නිවසට පැමිණි ඔවුන් පිළිගනු ලැබුයේ මනාලියගේ පියා විසිනි.
ඒ මව තම දියණිය සුදානම් කිරීමේ කටයුතුවල නියැලී සිටීම නිසාවෙනි.
පැමිණි පිරිස තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව ආ ගිය විස්තර කථා කරමින් සිටින විට ඔහු හට ඉතා හුරු පුරුදු කාන්තා රුවක් දැකගන්නට ලැබූයෙන් ඒ පිළිබඳ සොයා බැලු ඔහුගේ ඉහ මොළ රත්වුයේ තමා මේ ඇවිදින් සිටින්නේ මෙයට වසර 25 කට පමණ පෙර ආදරයෙන් බැඳී සිටි පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට බව දැන ගැනීමෙනි.
එතැනින්ද නොනැවතුනු ඔහු කල්පනා කළේ මෙතැන සිටියොත් මංගල කථාවේ දී තමා කවුරුන් ද යන්න මනාලියගේ මව හඳුනා ගන්නා බවත්, ඉන් තමාගේ සමාජ තත්වයට මෙන්ම පවුල් ජීවිතයටත් බලපෑමක් වන බවත්ය.
මේ කතාව අසා සිටි ගෙහිමියා “මොකක් ද මහත්තයෝ කරදරයක් ද” යනුවෙන් විමසූ විට, “ඔව් අනේ අයියේ ඊයෙ රෑ අපේ ඔපීස් එකේ දොර කඩලා. මගේ කාමරයේ තිබුණු පරිගණකය අරගෙන ගිහින්. දැන් කතා කළේ ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්න යන්න. නැත්නම් මාවත් අත්අඩංගුවට ගනීවි.”




















