නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා, බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් ගැටගසා සිදු කල අපරාධය

500

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ  දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම   ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී  අද(11 ) පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

ලග්ගල  ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත්  පොඩි රෝහණ  නැමැති ව්‍යාපාරිකයාගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක්  ඊයේ (10) රාත්‍රීයේදී මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

රාත්‍රී නවය පසුවනවාත් සමඟ මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණ   නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වැඳීම සිදුකරමින් සිටියදී නිවස පිටුපස තාප්පයකින් පැන පැමිණි  මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු පිස්තෝලයක් හිසට තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේප් වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ තුලට රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *