BREAKING NEWS
Search

සද්දන්තයෙකුට හසුවී නුලෙන් දිවි ගලවාගත් තරුණයා -වීඩියෝව මෙන්න

201

මහියංගනය ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙක් පිටුපස වනඅලියෙක් පන්නන අයුරු අසල පිහිටි CCTV කැමරාවට පටිගතව තිබේ.

පසුගිය 08 වැනි දින අළුයම මහියංගනය මාපාකඩවැව, 20 කණුව ප්‍රදේශයේදී  මෙම සිදුවීම සිදුව තිබේ.

එහිදී යතුරුපැදිකරු මාර්ගයේ වනඅලියා පැමිණෙන අයුරු දුටු විට කඩිනමින් මාර්ගය අසල පිහිටි වෙළෙඳසැළක් අසල යතුරුපැදිය නවතා ඉන් දිව ගොස් තිබේ.

එහිදී යතුරුපැදිකරු පසුපස වනඅලියා පැන්නූ පසු යතුරුපැදිකරු විසින් සිය හෙල්මටය ගලවා බිමට දමා දිවගොස් තිබුණි.

එහිදී වනඅලියාගේ අවධානය ඒ වෙතට යොමුවීම හේතුවෙන් යතුරුපැදිකරු ජීවිතය බේරා ගැනීමට සමත්ව තිබේ.

එම සිද්ධිය අසල වූ වෙළඳසැළ තුළ වූ CCTV කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *